Sunday, 26 August 2012

Randeniwela Monument - Wellawaya

රන්දෙනි වෙල
ස්මාරකය
ඓතිහාසික රන්දෙනි වෙලේ ස්මාරකය

ඓතිහාසික රන්දෙනි වෙල "රන්දෙනිය ගම්මානය" පිහිටා තිබෙන්නේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේය. වැල්ලවාය සිට ඇල්ල දෙසට පැමිණි පසු හමුවන රන්දෙනිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය මෙම ඓතිහාසික ප්‍රදේශයයි. මෙම රන්දෙණිය හංදියේ ඓතිහාසික රන්දෙනි වෙලේ සටන සිහිවීම පිණිස ස්මාරකයක් සාදා ඇත. මෙම ස්මාරකය සෑදිමට පාදක වු ඓතිහාසික කතා පුවත මේසේය,
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් කර ගැනිමට පෙර පිළිවෙලින් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පෘතුගීසින් (පරංගී)ට හා ලන්දේසින් (ඕලන්දයින්)ට යටත්ව තිබුණාසේම ඔවුන් විසින් මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන ලදී.
1630 දී රන්දෙණි වෙලේ දී පෘතුගිසින් හා සිංහල සේනාව අතර මහා සටන් අතිවිනි. පෘතුගිසි සේනාවේ ප්‍රධාන තැනක් ගෙන සිටි සිංහල රණවිරුවකුවු දොන් කොස්මෝ ද විජේසේකර මුදලුදු පෘතුගිසි සේනාව හැරදමා සිංහල සේනාව හා එක්වුයේද මෙම ඓතිහාසික රන්දෙණි වෙලේදීය.
මේ වකවානුවේදි මහනුවර පාලකයා වුයේ සෙනරත් රජුය (ක්‍රි.ව. 1604 - ක්‍රි.ව. 1634). මේ සමයේ ඌවේ උපරාජ ලෙස කුමාරසිංහ යුව රජු (ක්‍රි.ව. 1604 - ක්‍රි.ව. 1664) පාලනය ගෙන ගියේය.
රන්දෙණිවෙලෙදී සුදුවු මහා සංග්‍රාමයට කොන්ස්තාන්තිනෝ ද සා නම් පෘතුගිසි ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් තම පෘතුගීසි සේනාව මෙහෙයවීය. මෙම මහා සංග්‍රාමය සදහා සෙනරත් රජුගේ පුත් රාජසිංහ කුමාරයාද යුද පිටියට ප්‍රවිශ්ඨවී සිටියේ දක්ෂ ලෙස යුද කරමින්ය.
දොන් කොස්මෝ විජේසේකර මුදලි සිංහල හමුදාවට එක්වු පසු පෘතුගිසින් සමග සිටි අනෙක් රණ ශුර සිංහල මුදලිවරු කිහිප දෙනාද සිංහල හමුදාවට එක්වුයේ තම තමන් සමග සිටි සිංහල හේවායෝද සමගයි.
ඉතිරි වුයේ පරංගී හමුදාවේ භටයන් කිහිප දෙනෙකු පමනී.
මේ රන්දෙණිවෙලේ සංග්‍රමය පැවැති සමය වැසි සහිත කාලගුණයක් පැවැති සමයෙකී.1630 අගෝස්තු 25 දින කොන්ස්තාන්තිනෝ ද සා ඇතුළු පෘතුගීසි හේවායන්, රන්දෙනි වෙලේ වැස්සට තෙමුණු වෙඩි බෙහෙත් වියළමින් සිටියේය. මේ අතර ඈත කදු වල සිට සිංහල භටයින් ගිනි මෙලවු කරුංකා (පුවක්) ඊතල වල අමුණා වියලමින් සිටි වෙඩි බෙහෙත් වලට විදින්නට විය. පෘතුගිසින් වෙත ඊ වරුෂාවක් පතිත විය, වෙඩි බෙහෙත් සියල්ලම ගිනි ගත්තේය. වහාම රණශුර සිංහල සේනාව පැමිණ කොන්ස්තාන්තිනෝ ද සා ඇතුළු සියළුම පෘතුගිසි හමුදාව සමුහ ඝාතනය කරන ලදි.
එම කරුනු සියල්ලම පාදක කර‍ ගෙන ඒ ඓතිහාසික රන්දෙනි වෙලේ මෙසේ, ස්මාරකයක් ඉදිකර ඇත්තේය.
කොන්ස්තාන්තිනෝ ද සා ‍ගේ පාලන කාලය වසර 16 කි. (ක්‍රි.ව. 1623 මැයි සිට ක්‍රි.ව.1639 අගෝස්තු 25 දින දක්වා.)


රන්දෙනි වෙල
ස්මාරකය

රන්දෙනි වෙල
ස්මාරකය අසලම ඇති
රණවිරු ස්මාරකය






Friday, 24 August 2012

Ravana Ella Cave - Ella

රාවණා ඇල්ල ගුහාව - ඇල්ල


රාවණා ඇල්ල ගුහාව පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල-වැල්ලවාය මිර්ගයේ ඇල්ල සිට රාණා ඇල්ල මං සන්දිය දක්වා ගමන් කර එහි දකුණට ඇති මාර්ගයේ කාලෝමිටර් 1 1/2 පමණ ගිය විට රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය අසලට පැම්ණිය හැක. මෙම විහාරස්ථානය අසල ඇති කන්දට නැගිම පිණිස ඇති පඩිපෙලින් රාවණා ඇල්ල ගුහාවට ප්‍රවේශ විය හැක.

රාවණා ඇල්ල ගුහාව හුණු ගලින් නිර්මාණයවී ඇති උමගයකී. ශ්‍රී ලංකාවේ ඇති විශාලත්වයෙන් වැඩි එක් ගුහාවකී මෙම ගුහාව. පසු ගිය වකවාණුවේ සිදු කරන ලද පුරා විද්‍යත්මක ගවේෂණයන් තුලින් පුරාණ යුගයක වාසය කරන ලද මානවයාගේ ඇට කැබලි, ‍ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු, සහ ගල් ආයුධ රාශියක් සොයාගෙන ඇත.


රාවණා ඇල්ල ගුහාව එළියට
පෙනෙන අයුරු

රාවණා ඇල්ල ගුහාව තුල සිට
 එළිය පෙනෙන අයුරු

පස් තට්ටු

ඊතලයෙන් පෙන්වා ඇති
ස්ථානයේ
රාවණා ඇල්ල ගුහාව
 පිහිටා ඇත

ගුහාව අභ්‍යන්තරයේ දර්ශණයක්

රාවණා ඇල්ල ගුහාව තුල සිට
 එළිය පෙනෙන අයුරු

රාවණා ඇල්ල ගුහාව තුල සිට
 එළිය පෙනෙන අයුරු

Small Sri Pada - Ella

පුංචි ශ්‍රි පාදය - ඇල්ල

පුංචි සිරි පාදය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශාය ලේකම් කොට්ඨාශයේය. මෙම පුංචි සිරි පාද කන්ද ඇල්ල-වැල්ලවාය මිර්ගයටත්, ඇල්ල-නමුණුකුල මාර්ගයටත් දර්ශණයවේ. මෙම කන්ද ඈතට ශ්‍රී පාද කන්දේ කුඩා අණුරුවක් ලෙස දිස්වේ. මෙම කදු මුදුනට යෑම සදහා ඇල්ල-නමුණුකුල මාර්ගයේ කිලෝමිටර් 3/4 පමණ ගොස් ගුරු පාර දිගේ යායුතුවේ.

මෙම පුංචි සිරි පාද කන්ද මුදුනට ගිය විට, ඇල්ලේ ගල, රාවණා ගුහාව අවට ප්‍රදේශය, රාවණා දිය ඇල්ල, ඇල්ල-වැල්ලවාය මාර්ගය, ආදි ස්ථාන සහ බුත්තල, වැල්ලවාය, තණමල්විල ආදි ප්‍රදේශ දර්ශණිය ලෙස දර්ශණයවේ.
පුංචි සිරි පාද කන්ද
ඇල්ල-වැල්ලවාය මාර්ගයට
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

Ampitiya Ancient Sath Pattini Dewalaya - Bandarawela

අම්පිටිය පුරාණ සත් පත්තිනි දේවාලය - බණ්ඩාරවෙල


අම්පිටිය පුරාණ සත් පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ, බලුල්ල දිස්ක්‍රික්කයේ, බණ්ඩාරවෙල, හීල්ඔය, අම්පිටිය හංදියේය. මෙම ස්ථානයේ පුරාණයේ පත්තිනි දේවිය උදෙසා අං ඇදි ස්ථානයයි.

මෙම ස්ථානයේ දැනට පත්තිනි දේවිය වෙනුවෙන් වාර්ෂිකව උත්සවයක් පැවැතිවෙන අතර එය දෙදිනක් පුරාවට පැවැතිවේ. මෙම උත්සවය අවසන් වන්නේ ගජබාහු රජුගේ විදේශ ආක්‍රමණය සිහිවීම පිණිස දිය කැපිමෙනි. එසේ දිය කපන්නේ කිරිද ඔයේ පල්ලපේරුව යන ස්ථානයේය. එසේම මෙම ස්ථානයේ පුරාණ පත්තිනි දේවාලය වෙනුවට අළුතින් ඉදිකර ඇති පත්තිනි දේවාලයත්, පත්තිනි දේවාලයට දෙපැත්තේ කතරගම් දේවාලයක් සහ විෂ්ණු දේවාලයක්ද වන අතර පැරණි අඹ ගසක් සහ පුරාණ අං ඇදි ස්ථානයත් අළුතින් ඉදිකර ඇති විහාරගෙයත්, 1931 යනුවෙන් ගලක කොටා ඇති සළකුණක්ද වේ.

දේවාලයේ ලිපිනය:
අම්පිටිය සත්පත්තිනි දේවාලය,
අම්පිටිය හංදිය,
හීල්ඹය,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 072 4396892

අම්පිටිය සත් පත්තිනි දේවාලය

1931

තඹ ගල

අං කෙළිය සදහා භාවිතා කල අගක්

අං ඇදි ස්ථානය

අං ඇදි ස්ථානය

ඩී.එම්. සුමනසේකර
දේවාලයේ භාරකරු







Thursday, 16 August 2012

Badulla Pillar Inscription

බදුලු ටැම් ලිපිය

බදුලු ටැම් ලිපිය දැනට ස්ථාන ගත කර ඇත්තේ බදුල්ලේ පිහිටා ඇති සෙනරත් පරණවිතාන පුස්ථකාලයේ ඉදි කර විශේෂ  මණ්ඩපයක් තුලයි.
බදුලු ටැම් ලිපියේ අක්ෂර
 සහ පේලි
මෙම බදුලු ටැම් ලිපිය පිළිබදව එම ස්ථානයේ ඇති ඵලකයේ මෙසේ සදහන්ය," මෙම සෙල් ලිපිය මහියංගනයේ "සොරබොර වැව" අසල තිබි වර්ෂ 1857 දී බදුල්ලේ උප එජාන්තව සිටි ජෝන් බේලි මහතා විසින් සොයා ගෙන බදුලු කච්චේරිය අසල සිටුවා තිබිමෙන් අනතුරුව මෙම ස්ථානයට ගෙන එන ලදී." 
" මෙහි උස අඩි 8 යි අගල් 5 යි."
"මහියංගනයේ හොර බොර වැව අසල හෝපිටි ගම ‍‍ගමේ හා එම වෙළෙද පලේ පෙර සිරිත් කඩ කොට දඩ ගැනිම් ආදිය කෙරෙතියි 10 වන සිය වස සිරිලක රජ කල ශ්‍රී සංඝබෝධි උදය 111 රජතුමා මහියංගණ විහාරයට පැමිණි කල ගම්වාසින් විසින් පෙත්සමක් ඉදිරි පත් කිරිමෙන් පසු උදය රජු ඒ ගමේ හා වෙළෙද පලේ ක්‍රමික පාලනය සදහා පැනවුණු ව්‍යවස්ථාදිය මෙහි සදහන්වේ.
"ලංකාවේ නන් දෙසින් දැනට සොයා ගෙන ඇති සෙල් ලිපි  ගණන 400 ක් පමණවේ. මෙම ටැම් ලිපි අතරින් ඉතා විශාලතම ලිපිය හැටියටත් කුඩා අකුරු ඇති ලිපිය හැටියටත් මෙම බදුලු ටැම් ලිපිය සලකනු ලැබේ. මෙහි වචන පේළි 203 හා අකුරු 2000 ක් පමණ අඩංගුවේ." 
මෙම ටැම් ලිපිය බදුළු සෙල් ලිපිය වශයෙන් හැදින්වුවත් පොත් පත් වල "සොරබොර වැව ටැම් ලිපිය"  වශයෙන් සදහන්ව ඇත. එසේම මෙම ටැම් ලිපිය කල උදය 111 රජු ක්‍රි.ව. 946 සිට ක්‍රි.ව. 952 දක්වා යන වර්ෂ 6 ක කාලයක් අනුරාධපුරය කේන්ද්‍ර කර ගෙන රාජ්‍ය කලේය.

බදුලු ටැම් ලිපිය
පැරණි සොරෝව්වක්
බදුල්ලේ කැණිමකින් ලැබුණු පැරණි භාජනයක්

පැරණි සොරෝව්වක්




Saturday, 11 August 2012

St. Mark's Church - Badulla

ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය -  බදුල්ල

බදුල්ලේ පිහිටා ඇති ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය විශේෂවු දේවස්ථානයකී. එසේ පැවසීමට හේතු වන්නේ මෙම දේවස්ථානය මෙතැන ඉදි කරන ලෙසට යෝජනා කර ඇත්තේ කන්ද උඩරට රාජ්‍යයේ, බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවධියේ සිංහල බෞද්ධයෙකුවු රඹුක්පොත දිශාව විසිනි.

1888 අප්‍රේල් 25 ලෙස
 සටහන් කර ඇති ඵලකය
මෙම දේවස්ථානය ඉදි කිරිමට සිදුවු විශේෂිත සිදුවීම වුයේ ඌව පලාතේ උප එජාන්ත ලෙස ක්‍රියා කල කපිතාන් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිසයි. (කපිතාන් තෝමස් විලියම් රොජස් පිළිබද තොරතුරු සදහා www.inforindaka.blogspot.com වෙත පිවිසෙන්න) . මෙයට හේතු පාදක වු කරුණු වන්නේ, කපිතාන් තෝමස් විලියම් රොජස් 1845 ජුනි 07 දා හපුතලේ පැරණි තානායමේදි අකුණු වැදිම නිසා වයස අවුරුදු 44 දී මියයාමයි.

මෙම දේවස්ථානයේ වර්තමානයේ ගරු ලලිත් පියනම විසින් පාලන කටයුතු භාරව කටයුතු සිදු කරනු ලැබේ.

St.Mark's day  සෑම වර්ෂයකම අප්‍රේල් 25 දින සමරන කිතුණු උත්සවයකී.














Methodist Church - Badulla


මෙතොදිස්ත දේවස්ථානය - බදුල්ල


බදුල්ල මෙතොදිස්ත දේවස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල මහරෝහලට ආසන්නයේය. මෙම දේවස්ථානය 1924 . සැප්තැම්බර් මස 29 දින ඉදිකර ඇත. 2012 වර්ෂය වන විට මෙම දේවස්ථානයට වසර 88 ක් පමණ පැරණිය.







Welekade Fort - Badulla

වෙලේකඩේ බල‍ කොටුව -බදුල්ල

1891  දී බදුල්ලේ තාරකා බල කොටුව පිහිටි ස්ථානයේ කච්චේරිය ගොඩ නගන ලදී. එම නිසා වෙලේකඩේ තාරකා බල කොටුවක් නැවත ඉංග්‍රිසින් විසින් ගොඩ නගන ලදී.

එසේම 1889 දී වෙලේකඩේ ඉදි කරන්නට යෙදුණු ප්‍රසිද්ධ වෙළද සංකීර්ණය (Welakade Public Market Building) බදුල්ලේ ඉදිවු ප්‍රථම ප්‍රසිද්ධ වානිඣ්‍ය ගොඩනැගිල්ල පිහිටියේද මෙම වෙලේ කඩේ තාරකා බල කොටුව ආසන්නයේය.
වෙලේ කඩේ තාරකා
 බල කොටුව
 


වෙලේ කඩේ තාරකා
බල කොටුව
 
වෙලේ කඩේ තාරකා
 බල කොටුව
 
දැනට (2012 වර්ෂයේ අගොස්තු) පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වෙලේකඩේ තාරකා බල කොටුව සංරක්ෂණය කර අළුත් වැඩියා කරගෙන යනු ලැබේ.

වෙලේ කඩේ තාරකා
 බල කොටුවේ පැරණි
ඡායාරූපයක්
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි.)