Saturday, 14 July 2012

Stone Age Man in Bandarawela

ආදි ගල් යුගයේ මානවයා බණ්ඩාරවෙල අවට ජිවත් වුයේ ද ?

පුරාණ ගල් යුගයේ ගල් ආයුධ
Palaeolithic Stone Implements Flakes

පැරණි ගල් යුගයට අයත්
 ගල් ආයුධයක්


Jungle Tide නමින් පොතක් ලියමින් ජොන් ස්ටීල් , වන පුවාහය වශයෙන් එය සිංහලයට C.A.විජේසේකර විසින් පරිවර්ථනය කර ඇත. එම පරිවර්ථනයේ තෙවන මුද්‍රණයේ (1954 මුද්‍රණය) "ගල් ආයුධ සොයා ගැනීමට ස්ථානය වු තණ වැවුණු පතන බිම් උස කදු අසල පිහිටා ඇත.ගල් ආයුධ එහි සුලභය". 172 පිටුව "එසේම බණ්ඩාරවෙල හෝටලයෙන් පහත පිහිටි තැනිතලාවේ ගමන් කළහොත් ලංකාවේ ඕනෑම තැනකින් ලබා ගත හැකි තරම් මේවා (ගල් ආයුධ) සොයා ගත හැක".


එසේම, P.H.D.H. de Silva - A Catalogue of Antiquities and other Cultural Objects from Sri Lanka (Ceylon) Abroad නමින් පොතක් සම්පාදනය කරමින්, එංගලන්තයේ, කේම්බ්‍ර්ජ්හි Museum of Archaeology and Ethnology, Downing Street, නම් කෙතුකාගාරයෙහි, "A large collection of prehistoric quartz and chert artefacts collected by Charles Hartlet Esquar. former principal of Royal College Colombo, Ceylon, from the following sites:- Bandarawela ----" 125 page


එසේම , එංගලන්තයේ Pitt Rivers Museum හි ඇති පුරාණ මානවයාගේ භාණ්ඩ අතර,
v1.51 -Seven scraper of quartz, 6 flakes on concave scraper of quartz, a partly worked and broken implement of quartz, 3 hammer-stones and 2 multi-pointed implements made from flakes and worked on the surface. From Bandarawela. Gift of C. Hartley Esq. 1917
xi.224 (1947.9.66 to 68) - Three finished cores of side flake type, 2 of  quartz and one of stone' 1" to 1 1/2" across from Bandarawela. Gift of H.V. Noone Esqur.
v.58 - Sixty-two implements of white quartz and 7 small quartz flakes, from Bandarawela. Gift C. Hartly Esqar. 1913
v.136  - Four hundred and eighty (approximately) implements of quartz from Bandarawela. Gift of C. Hartley Esq. 1915

ඒ අතර Pitt Rivers Museum හි Assistant Curator , Linda Mowat මා වෙත ලිපියකින් තොරතුරු සපයමින්, The material listed in Donations volume vp 58 is as follows,
"62 "pigmy" implements of white quartz (accession nos. 1013.29.1.62) and 7 small quartz flacks (accession nos. 1913.29.63 - 69) found by Mr. Hartley in 1913 on long ridges of 4000 feet near Bandarawela, Ceylon, and below the surface, 6 or 8 inches down and sometimes the flakes and small implements accoured mingled with charred wood in a layer 2 to 3 inches thick".

The material listed in Donations volume vp. 136 is as follows,
"about 480 pygmy implements of quartz (accession nos. 1915.24.1 - 480) discovered by himself of plateaux and ridges at an elevation of about 4000 feet,o.d. near Bandarawela, Ceylon.

එසේම ස්ව්ස්ටර්ලන්තයේ Augustinergasse හි පිහිටා ඇති Fur Volkerkunde කෙතුකාගාරයේද බණ්ඩාරවෙල අවටින් සොයා ගත් ගල් ආයුධ විශාල ප්‍රමාණයක් තැම්පත් කර ඇත.

එම ගල් ආයුධ අතර,
11 a 1294- Aquartz needle ? (borer) from Bandarawela, නම් කෙතුක භාණ්ඩය වැදගත් තැනක් ගනියි.


මේතරම් ගල් ආයුධ ප්‍රමාණයක් සොයා ගැනිමට බණ්ඩාරවෙල අවට ප්‍රාග් මානවයා ජිවත් වුයේ කොහේ ද ?


බණ්ඩාරවෙල අවට ඇති පතන බිම් සියල්ලම වාගේ ආදි ගල් යුගයේ මානවයා ජිවත්ව සිටිය බිම්ය. එසේම එම ගල් යුගයේ මානවයා භාවිතා කල ගල් ආයුධ සහ අගුරු කැබලි සොයා ගෙන ඇත්තේ දැනට බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල ඇති ස්ථානයට උඩින් ඇති කන්දේය. එනම් දැන් කාලගුණ මධ්‍යස්ථානය ඇති ස්ථානය අවටයි.


එම ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ය. අද මෙම ගල් ආයුධ හා ගල් ආම්පන්න ශ්‍රී ලාංකිකයන්ට, උවේ වැසියන්ට, බණ්ඩාරවෙල වැසියන්ට බලා ගත නොහැක්කේ ඒවා විදේශිය රට වල තැම්පත් කර ඇති නිසාය.


මෙම ස්ථානය පිළිබදව පාසැල් දරු දැරියන් දැනුවත් කිරිම වැදගත් යැයි සිතමි.


ගල් අම්පන්න හමුවු බිම

ගල් අම්පන්න හමුවු බිම

පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින්
 කනින ලද වලවල්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
 කනින ලද වලවල්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
 කනින ලද වලවල්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
 කනින ලද වලවල්

ගල් අම්පන්න හමුවු බිම




3 comments: