Thursday, 19 July 2012

Bandarawela - Galekka Railway Bridge


ගල් ඇක්ක දුම්රිය පාලම - බණ්ඩාරවෙල

ගල් ඇක්ක දුම්රිය පාලම පිහිටා ඇත්තේ දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සිට ඇල්ල දෙසට යාමේදි වන අතර, කිණිගම දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 2ක් පමණ දුරිනි. දුම්රිය මාර්ගයේ කොළඹ සිට කිලෝමිටර් 260 සහ 261 කණු අතර පිහිටා ඇත. මෙම පාලම යටින් ගලා බසින්නේ කිරිදි ඔයයි. 



 
මෙම පාලම අසලට පැමිණෙන ඔබට ගල් ඇක්ක ආසන්නයේ දර්ශණිය කුඩා ප්‍රමාණයේ දිය ඇලි කිහිපයක් නැරඹිමට පුළුවන. (ඒවා නැරඹිමට ආසන්නයට යාමේදි ප්‍රවේශම්විම ඉතා වැදගත්ය.
ගල් ඇක්ක පාලම ආසන්නයේම පුරාණ ගල් පඩිපෙලක් ඇති අතර, එම ගල් පඩි ලපලින් කන්දේඅරාවට ගිය විට, ඔබට එහිදි කුඩා ප්‍රමාණයේ කන්දේඅරාව වැව දැක බලා ගත හැක.

එසේම ගල් ඇක්කට පැමිණෙන අයෙකුට පොරෝ ගල නැග පොරෝ ගල නැරඹුම් ගල පිහිටි ස්ථානයට යාමට පුළුවන.



පාලම ආසන්නයේ ඇති ගල් බැම්මක්

අලංකාර කුඩා දිය ඇල්ලක්

අලංකාර කුඩා දිය ඇල්ලක්
(පොරෝ ගල සම්බන්ධයෙන් වෙනම ලිපියක් මෙහි පල කර ඇත. එය කියවන්න.)

ගල් ඇක්ක පාලම ආසන්නයේ ගල් කුළුණක් මත දමා ඇති යකඩ පිහිල්ල, ඊට පහල ඇති කුඹුරු සදහා ජලය රැගෙන යන ඇල මාර්ගයකීග මෙවැනි ඇල මාර්ග දෙකක් දුම්රිය මිර්ගයේ කිලෙ‍ා් මිටර කණු 261 හා 262 අතර පිහිටුවා ඇත.




ජලය ගමන් කරන යකඩ පිහිල්ලක්
වෙනත් ස්ථානයක පිහිටි 
ජලය ගමන් කරන යකඩ පිහිල්ලක්

2 comments:

  1. බන්ඩාරවෙල සිට රේල් පාර දිගේ ඇවිදගෙන ගියෙත් මොනතරම් දේවල් බලන්න තියනවද..එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා මෙතැන තමයි අපි ස්කොලෙන් පැනලා ඇවිත් මල් පුජා කරලා නාන්නේ .ඔතැන තියන පොඩි දිය ඇල්ල උඩට ගිහින් වලට පනින උන් තමයි පොරවල් වෙන්නේ .මුලදී නම් අපි බයයි ,පස්සේ අපිත් පොරවල් උනා ..හැක් හැක් .
      "අය්යෝ මාගේ සුන්දර කාලේ - එහෙමයි ගත වුයේ ...."

      Delete