Thursday, 28 June 2012

Bean Crop Yellowing


බෝංචි කහ පාටවීමේ රෝගය

ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම සාර්ථක ලෙස වගා කරන බෝගයකී, බෝංචි. බෝංචි බෝහෝ දෙනෙක් ආහාරයටද ප්‍රිය කරන එළවළුවක් වන අතර ගොවියන්, බෝංචි වගා කිරිමට ප්‍රිය කරන්නේ වැඩි වාර ගණනක් අස්වැන්න නෙලා ගත හැකි වීමත්, තම අස්වැන්න නිරන්තරයෙන්ම වැඩි මිළකට විකුණා ගත හැකිවිමත් යන කරැණු දෙක නිසාය.

දැනට වසර කිහිපයකම සිට බෝංචි බෝගය සදහා දැනට හදුනා නෙගත් යැයි පවසන බෝංචි කොළ කහ පාටවීමේ රෝගයක් විශාල වශයෙන් ව්‍යප්තව පවතී.

බෝංචි කහ පාට වීමෙ රෝගය වර්ධන අවස්ථා කිහිපයකදී බෝගයට හට ගත හැකි අතර, එම රෝගය
1. වෛරස් මගින්,
2. දිලිරයක් මගින්,
3. පෝෂණ උණතාවයන්,
යන කරුණු හේතු කාරණා තුනෙන් එක් කාරණයක් නිසා හෝ හටගත හැක.

ඒ කෙසේ වෙතත් බෝංචි වැලෙහි පත්‍ර කහපාට වීම, ඵලදාව (අස්වැන්න) අඩුවීම, බෝංචි කරල් වක්‍රකාර වීම, කරල් කුඩාවීම යන ලක්ෂණයන් ප්‍රධාන වේ.

තම බෝංචි වගාවට වැලදී ඇති රෝග තත්වය ප්‍රථමයෙන් හොදාකාරව නිරික්ෂණය කර, රෝග තත්වය මනා ලෙස දැන හදුනාගන්න.

බෝංචි කහ වීමේ රෝගය මුළුමනින්ම මර්ධනය කර ගත නොහැකි වන අතර එය මනා ලෙස පාලනය කර ගත හැක.

පෝෂණ උණතාවයන් නිසා වැළදෙන පත්‍ර කහ පාටවීම, වයසින් වැඩි මේරූ කොළද හැලීමට ආසන්නයෙදි හෝ තම සේවාව වැලට අවශ්‍ය නැතිවු විට කහපාටවී හැලියයි. 

ප්‍රථමයෙන් අප පෝෂණ උණතාවයන් නිසා බෝචි පත්‍ර කහපාටවීම ගැන බලමු. ප්‍රධාන වශයෙන් නයිට්රජන් අඩුවිම නිසා මේරූ පත්‍ර කහ පැහැයක් ගනියි.ශාඛ කුරුවේ. පොටෑසියම් අඩුවීම නිසාද මේරු පත්‍ර කහ පැහැ ගැන්වේ. මොලිබ්ඩිනම්, මැංගනිස්, මැග්නිසියම් යන මුල ද්‍රව්‍යයය අවම වීම නිසාද බෝංචි පත්‍ර කහපාටව්ග

දිලිර ආසාදන නිසාද පත්‍ර කහ පැහැයට හැරේ. මෙහිදි පාංශු දිලිර ප්‍රධාන තැනක් ගනියි. පාංශු දිලිර බෝංචි වැලෙහි මුල පද්ධතියට ආසාදනය වීම නිසා බෝංචි වැලෙහි සියළුම පත්‍ර කහ පැහැයට හැරේ.

තමා වගා කරන බෝගය, ගොවි පොලෙහි බිම යනාදිය ගැන මනා අවබෝධයකින් සිටින්නේ නමි මෙම ලෙඩ රෝග පිළිබදව තමාට විශාල ඥණයක් හා අවබෝධයක් ලබා ගත හැක.

වෛරස් ආසාදනය මගින් බෝංචි වැලෙහි පත්‍ර කහ පැහැයට හැරේ. බෝංචි වැලකින් තවත් බෝංචි වැලකට වෛරස් ආසාදනයන් ඇති වන්නේ සුදු මැස්සා, කීඩෑවා, මයිටාවන්, කූඩිත්තා වැනි සතුන් මගිනි.





මෙසේ වෛරස් කහවීම හටගත් බෝංචි වැලක සම්පුර්ණයෙන්ම විචිත්‍ර ලෙස කහපාට වන අතර පැලැටැය කුරුවීම දක්නට ලැබෙන අතර මල් හටගැනීමද නැවැත්වෙන අතර සැදෙන කරල්ද වක්‍රවු ස්වභාවයක් පෙන්නුම් කරයි.



පෝෂණ උණතාවයක් පවතින්නේ නමි, ඒ ඒ අවස්ථාවන්හිදි බෝංචි වැල සදහා සමබර පොහොර වර්ග ලබා දීමෙන් එම උණතාවය නොහොත් කහවීම අවම කල හැක.

එසේම පාංශු දිලිර රෝගයන් සදහා ඒ ඒ අවස්ථා වලදී අවශ්‍ය පාංශු දිලිර නාශක භාවිතා කල හැක. එසේ පාංශු දිලිර නාශක යොදන විට බෝගයේ කදට සහ පොලොවට වදින ලෙසට ස්ප්‍රේ කල යුතුයි.

ඒ ඒ හදුනාගත් පාංශු දිලිර රෝගයන් සදහා කැප්ටාන්, ක්ලෝරෝතැලිනොල්, තියෝපනේට්, තිරාම්, තියෝපනේට් මෙතිල් සහ තිරාම් යන දෙම අඩංගු සංයෝග, වැනි දිලිර නාශක භාවිතා කල හැක.

දිලිර නාශක හෝ කෘමිනාශක භාවිතයට ගැනීමට පෙර හොදින් තම බෝගය සදහා අවශ්‍යාතාවය සහ රෝගය හොදින් හදුනා ගෙන සිටිම ඉතාම වැදගත්ය.

වෛරස් ආසාදන නිසා බෝංචි පත්‍ර විචිත්‍ර ලෙස කහ පැහැ ගැන්වීම සාර්ථක ලෙස පාලනය කල හැක. ඒ සදහා භාවිතයට යොදා ගත හැක්කේ කෘමිනාශකයි. කාමිනාශක වර්ග දෙකකී. 

සංස්ථානික කෘමිනාශක වර්ග සහ ස්පර්ෂිත, ආමාශ ගත කෘමිනාශක ලෙසයි. සංස්ථානික කෘමිනාශක යනු පැලැටිය විසින් අවශෝෂණය කර දින කිහිපයක් පැලැටියේ පවතින සහ පැලැටියේ ඕනෑම ස්ථානයකට සතෙකු විසින් විදින ලැබුවේද එවිට එය සතාට විෂ වේ.එමෙන්ම ස්පර්ෂිත, ආමාශ ගත කෘමිනාශක යනු සත්ත්වයා එම කෘමිනාශකය ස්ප්‍රේ කරන අවස්ථාවේදි කෘමිනාශකය ස්පර්ෂ වුව හොත් හෝ ආහාරයට ගත හොත් පමණක් සතාට විෂ සහිත‍වේ.එම කෘමිනාශක ශාඛය විසින් උරා නොගනියි.

වෛරස් ආසාදනය නිසා බෝංචි පත්‍ර විචිත්‍ර ලෙස කහ පැහැ ගැන්වීම සදහා ඇසටැම්ප්‍රිඩ්, හෙක්සිතයසෝක්ස්, ඉමිඩක්ලොප්‍රිඩ්, ඇබමැක්ටින්, හිප්රොනිල්, ඇසිපෙට්, ඇප්ලෝඩ්, කාබොසල්පාන්, වැනි සංස්ථානික කෘමිනාශක යොදා ගත හැක. මෙමගින් වෛරස් රෝගය පතුරුවන කෘමින් මර්ධනය කල හැක. මෙහිද් වැදගත් වන කාරණය වන්නේ එසේ යොදා ගන්නා කෘමිනාශකය පත්‍ර දෙපැත්තම තෙමි යන පරිදි යෙදිමත් නිර්දේශිත ප්‍රමාණය භාවිතයට ගැනිමත්ය. එම කෘමිනාශකයෙන් බෝංචි බෝගයේ සිටින කෘම්න් විනාශයට පත්වන්නේද, යන කාරණා තුන කෙරෙහි අවධානය යොමු කිරිම වැදගත් වන්නේය.

දැනට වෙළද පොලෙහි තිබෙන බෝ‍හෝ කෘමිනාශක වර්ග වලට කෘමින් අනුවර්තනයවී ඇති නිසා, එසේ අනුවර්ථනය වී නැති කෘම්නාශකයක් භාවිතා කිරිමද යෝග්‍යයයි.

වෛරස් මගින් කහ පැහැවීමේ රෝගය බෝංචි බෝගයේ ප්‍රරෝහන අවස්ථා කිහිපයකදීම නිරික්ෂණය කල හැක. බෝංචි ඇට ප්‍රරෝහණය වන විටම (එනම් පත්‍ර 2 ක් තිබෙන අවස්ථාව). දෙවන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ බෝංචි සදහා පොහොර යොදා පස් දැමිමෙන් පසුව (එවිට බෝංචි වගාවට දින 20 - 25 අතර). තුන් වන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ මල් පිපෙන අවස්ථාවයි. හතර වන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ පළමු අස්වැන්න නෙලා ගැනිමෙන් පසුවයි.

ඉන්දක කරුණාදාස
E-mail: iksmail35@gmail.com

















1 comment: