Saturday, 30 June 2012

Ella Halpe Pattini Dewalaya

හල්පේ පත්තිනි දේවාලය

පත්තිනි දේවාලයේ
 මාලිගය නම් කොටස

ඇල්ල ප්‍රදේශිය ‍ලේකම් කොට්ඨාශයේ, හල්පේ ග්‍රාම නිළධාරි වස‍මේ (බදුල්ල මාර්ගය ආසන්නයේම), පිහිටා ඇති පුරාණ ස්ථානයකී, ඇල්ල හල්පේ පත්තිනි දේවාලය.

මෙම දේවාලය ටැම්පිට වර්ගයට අයත් දේවාල ගොඩනැගිලිලක් වන අතර මහල් දෙකකින් සමන්විත වන අතර මහල් දෙකේම බිත්ති දැව‍යෙන් ඉදි කර ඇත.

වලගම්බා රාජ්‍ය සමයේ සොලින් සමග ඇතිවු දරැණු සටන් නිසා වලගම්බා රජු සොලින්ගෙන් සැගවී විසිය. ඒ අතර ලංකාවේ තිබු පාත්‍ර ධාතුව ආදි වටිනා දේවල් සොලින් විසින් පැහැර ගෙන සොලී රටට ගෙන යන ලදි. පාත්‍ර ධාතුන් ආදි වස්තුව පිළිබද තොරතුරු දැනගත් 1 වන ගජබාහු රජු ( ක්‍රි.ව. 113 - 135) සොලී රටට දිය දෙබැකරගෙන ගොස් ඒ වස්තුන් සමග පත්තිනි දේවියගේ රන් සළඹද ගෙන ලංකාවට පැමිණියේය.

එම රන් සළඹ තැම්පත් කර මේ දේවාලය 1 වන ගජබාහු රජු ( ක්‍රි.ව. 113 - 135) විසින් කරවන ලද බව ඉතිහාස ගතයි.

විශේෂ ස්තුතිය චන්දිම ජයම්පති මහතාට.

පත්තිනි දේවාලයේ
 මාලිගය නම් කොටස 

පත්තිනි දේවාලයේ
 දර්ශණයක්

වහලය

ඉදිරි පය ඇති
 මුර්තියක්

ටැම්පිට ලී බාල්ක
දරා ඇති අයුරු

ටැම්පිට ලී බාල්ක 
දරා ඇති අයුරු

ටැම්පිට ලී බාල්ක 
දරා ඇති අයුරු

ටැම්පිට ලී බාල්ක 
දරා ඇති අයුරු

ටැම්පිට ලී බාල්ක 
දරා ඇති අයුරු
පොල් ගසන ස්ථානය


පත්තිනි දේවාලයේ
ලී කැටයම්

පත්තිනි දේවාලයේ
ලී කැටයම්




පත්තිනි දේවාලයේ
ලී කැටයම්


මකර තොරණ




පත්තිනි දේවාලයේ
ලී කැටයම්



පත්තිනි දේවාලයේ
ලී කැටයම්


පත්තිනි දේවාලයේ
 මාලිගය නම් කොටස 

පත්තිනි දේවාලයේ
 සිංහාසන මණ්ඩපය


පත්තිනි දේවාලයේ
 මාලිගය නම් කොටස 

පත්තිනි දේවාලයේ
 දර්ශණයක්

Friday, 29 June 2012

ඉන්දක කරුණාදාසගේ බෞද්ධ කෘති

ඉන්දක කරුණාදාසගේ බෞද්ධ කෘති

1. සෑම දිනයක්ම ශීලයෙන් සිටිමට අත්වැලක්
2. ඉපදීම කෙටි කිරිමේ ප්‍රථම මාර්ගය
3. කරණීය මෙත්ත සුත්‍රය

මෙම පොත් ධර්ම දානය පිණිස නොමිලේ බෙදා හරිණු ලබන බැවින් ඔබට පිටපතක් හෝ පිටපත් අවශ්‍යය නම්, iksmail35@gmail.com යන ‍ලිපිනයට දන්වන්න.




Thursday, 28 June 2012

Bean Crop Yellowing


බෝංචි කහ පාටවීමේ රෝගය

ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම සාර්ථක ලෙස වගා කරන බෝගයකී, බෝංචි. බෝංචි බෝහෝ දෙනෙක් ආහාරයටද ප්‍රිය කරන එළවළුවක් වන අතර ගොවියන්, බෝංචි වගා කිරිමට ප්‍රිය කරන්නේ වැඩි වාර ගණනක් අස්වැන්න නෙලා ගත හැකි වීමත්, තම අස්වැන්න නිරන්තරයෙන්ම වැඩි මිළකට විකුණා ගත හැකිවිමත් යන කරැණු දෙක නිසාය.

දැනට වසර කිහිපයකම සිට බෝංචි බෝගය සදහා දැනට හදුනා නෙගත් යැයි පවසන බෝංචි කොළ කහ පාටවීමේ රෝගයක් විශාල වශයෙන් ව්‍යප්තව පවතී.

බෝංචි කහ පාට වීමෙ රෝගය වර්ධන අවස්ථා කිහිපයකදී බෝගයට හට ගත හැකි අතර, එම රෝගය
1. වෛරස් මගින්,
2. දිලිරයක් මගින්,
3. පෝෂණ උණතාවයන්,
යන කරුණු හේතු කාරණා තුනෙන් එක් කාරණයක් නිසා හෝ හටගත හැක.

ඒ කෙසේ වෙතත් බෝංචි වැලෙහි පත්‍ර කහපාට වීම, ඵලදාව (අස්වැන්න) අඩුවීම, බෝංචි කරල් වක්‍රකාර වීම, කරල් කුඩාවීම යන ලක්ෂණයන් ප්‍රධාන වේ.

තම බෝංචි වගාවට වැලදී ඇති රෝග තත්වය ප්‍රථමයෙන් හොදාකාරව නිරික්ෂණය කර, රෝග තත්වය මනා ලෙස දැන හදුනාගන්න.

බෝංචි කහ වීමේ රෝගය මුළුමනින්ම මර්ධනය කර ගත නොහැකි වන අතර එය මනා ලෙස පාලනය කර ගත හැක.

පෝෂණ උණතාවයන් නිසා වැළදෙන පත්‍ර කහ පාටවීම, වයසින් වැඩි මේරූ කොළද හැලීමට ආසන්නයෙදි හෝ තම සේවාව වැලට අවශ්‍ය නැතිවු විට කහපාටවී හැලියයි. 

ප්‍රථමයෙන් අප පෝෂණ උණතාවයන් නිසා බෝචි පත්‍ර කහපාටවීම ගැන බලමු. ප්‍රධාන වශයෙන් නයිට්රජන් අඩුවිම නිසා මේරූ පත්‍ර කහ පැහැයක් ගනියි.ශාඛ කුරුවේ. පොටෑසියම් අඩුවීම නිසාද මේරු පත්‍ර කහ පැහැ ගැන්වේ. මොලිබ්ඩිනම්, මැංගනිස්, මැග්නිසියම් යන මුල ද්‍රව්‍යයය අවම වීම නිසාද බෝංචි පත්‍ර කහපාටව්ග

දිලිර ආසාදන නිසාද පත්‍ර කහ පැහැයට හැරේ. මෙහිදි පාංශු දිලිර ප්‍රධාන තැනක් ගනියි. පාංශු දිලිර බෝංචි වැලෙහි මුල පද්ධතියට ආසාදනය වීම නිසා බෝංචි වැලෙහි සියළුම පත්‍ර කහ පැහැයට හැරේ.

තමා වගා කරන බෝගය, ගොවි පොලෙහි බිම යනාදිය ගැන මනා අවබෝධයකින් සිටින්නේ නමි මෙම ලෙඩ රෝග පිළිබදව තමාට විශාල ඥණයක් හා අවබෝධයක් ලබා ගත හැක.

වෛරස් ආසාදනය මගින් බෝංචි වැලෙහි පත්‍ර කහ පැහැයට හැරේ. බෝංචි වැලකින් තවත් බෝංචි වැලකට වෛරස් ආසාදනයන් ඇති වන්නේ සුදු මැස්සා, කීඩෑවා, මයිටාවන්, කූඩිත්තා වැනි සතුන් මගිනි.





මෙසේ වෛරස් කහවීම හටගත් බෝංචි වැලක සම්පුර්ණයෙන්ම විචිත්‍ර ලෙස කහපාට වන අතර පැලැටැය කුරුවීම දක්නට ලැබෙන අතර මල් හටගැනීමද නැවැත්වෙන අතර සැදෙන කරල්ද වක්‍රවු ස්වභාවයක් පෙන්නුම් කරයි.



පෝෂණ උණතාවයක් පවතින්නේ නමි, ඒ ඒ අවස්ථාවන්හිදි බෝංචි වැල සදහා සමබර පොහොර වර්ග ලබා දීමෙන් එම උණතාවය නොහොත් කහවීම අවම කල හැක.

එසේම පාංශු දිලිර රෝගයන් සදහා ඒ ඒ අවස්ථා වලදී අවශ්‍ය පාංශු දිලිර නාශක භාවිතා කල හැක. එසේ පාංශු දිලිර නාශක යොදන විට බෝගයේ කදට සහ පොලොවට වදින ලෙසට ස්ප්‍රේ කල යුතුයි.

ඒ ඒ හදුනාගත් පාංශු දිලිර රෝගයන් සදහා කැප්ටාන්, ක්ලෝරෝතැලිනොල්, තියෝපනේට්, තිරාම්, තියෝපනේට් මෙතිල් සහ තිරාම් යන දෙම අඩංගු සංයෝග, වැනි දිලිර නාශක භාවිතා කල හැක.

දිලිර නාශක හෝ කෘමිනාශක භාවිතයට ගැනීමට පෙර හොදින් තම බෝගය සදහා අවශ්‍යාතාවය සහ රෝගය හොදින් හදුනා ගෙන සිටිම ඉතාම වැදගත්ය.

වෛරස් ආසාදන නිසා බෝංචි පත්‍ර විචිත්‍ර ලෙස කහ පැහැ ගැන්වීම සාර්ථක ලෙස පාලනය කල හැක. ඒ සදහා භාවිතයට යොදා ගත හැක්කේ කෘමිනාශකයි. කාමිනාශක වර්ග දෙකකී. 

සංස්ථානික කෘමිනාශක වර්ග සහ ස්පර්ෂිත, ආමාශ ගත කෘමිනාශක ලෙසයි. සංස්ථානික කෘමිනාශක යනු පැලැටිය විසින් අවශෝෂණය කර දින කිහිපයක් පැලැටියේ පවතින සහ පැලැටියේ ඕනෑම ස්ථානයකට සතෙකු විසින් විදින ලැබුවේද එවිට එය සතාට විෂ වේ.එමෙන්ම ස්පර්ෂිත, ආමාශ ගත කෘමිනාශක යනු සත්ත්වයා එම කෘමිනාශකය ස්ප්‍රේ කරන අවස්ථාවේදි කෘමිනාශකය ස්පර්ෂ වුව හොත් හෝ ආහාරයට ගත හොත් පමණක් සතාට විෂ සහිත‍වේ.එම කෘමිනාශක ශාඛය විසින් උරා නොගනියි.

වෛරස් ආසාදනය නිසා බෝංචි පත්‍ර විචිත්‍ර ලෙස කහ පැහැ ගැන්වීම සදහා ඇසටැම්ප්‍රිඩ්, හෙක්සිතයසෝක්ස්, ඉමිඩක්ලොප්‍රිඩ්, ඇබමැක්ටින්, හිප්රොනිල්, ඇසිපෙට්, ඇප්ලෝඩ්, කාබොසල්පාන්, වැනි සංස්ථානික කෘමිනාශක යොදා ගත හැක. මෙමගින් වෛරස් රෝගය පතුරුවන කෘමින් මර්ධනය කල හැක. මෙහිද් වැදගත් වන කාරණය වන්නේ එසේ යොදා ගන්නා කෘමිනාශකය පත්‍ර දෙපැත්තම තෙමි යන පරිදි යෙදිමත් නිර්දේශිත ප්‍රමාණය භාවිතයට ගැනිමත්ය. එම කෘමිනාශකයෙන් බෝංචි බෝගයේ සිටින කෘම්න් විනාශයට පත්වන්නේද, යන කාරණා තුන කෙරෙහි අවධානය යොමු කිරිම වැදගත් වන්නේය.

දැනට වෙළද පොලෙහි තිබෙන බෝ‍හෝ කෘමිනාශක වර්ග වලට කෘමින් අනුවර්තනයවී ඇති නිසා, එසේ අනුවර්ථනය වී නැති කෘම්නාශකයක් භාවිතා කිරිමද යෝග්‍යයයි.

වෛරස් මගින් කහ පැහැවීමේ රෝගය බෝංචි බෝගයේ ප්‍රරෝහන අවස්ථා කිහිපයකදීම නිරික්ෂණය කල හැක. බෝංචි ඇට ප්‍රරෝහණය වන විටම (එනම් පත්‍ර 2 ක් තිබෙන අවස්ථාව). දෙවන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ බෝංචි සදහා පොහොර යොදා පස් දැමිමෙන් පසුව (එවිට බෝංචි වගාවට දින 20 - 25 අතර). තුන් වන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ මල් පිපෙන අවස්ථාවයි. හතර වන අවස්ථාව ලෙසට නිරික්ෂණය වන්නේ පළමු අස්වැන්න නෙලා ගැනිමෙන් පසුවයි.

ඉන්දක කරුණාදාස
E-mail: iksmail35@gmail.com

















Binara Flower - Blue exacum

බිනර මල - Blue exacum
බිනර මල
ශ්‍රි ලංකාවට ආවේනික පැලැටි විශේෂයක් වන අතර, බිනර පැලැටියේ උද්භිද විද්‍යත්මක නාමය වනුයේ, Exacum trinerveum trinerveum

පැරණි මෝස්තර කරුවා බිනර මල් මෝස්තරය, බිනර මල් කැටයම තම කැටයමට, මෝස්තරයට, බිතු සිතුවමට දැමිමට අමතක නොකළහ. මෙහි දැක්වෙන ඡායාරූපය ගන්නා ලද්දේ දෙමෝදර දුමිරිය ස්ථානය ආසන්නයේදිය.

සැප්තැමිබර් මාසය සිංහල මාස ක්‍රමයට අනුව බිනර මාසය යැයි හදුන්වනු ලබන්නේ බිනර මල් පිපෙන්නේ සැප්තැමිබර් මාසයේ බැවිනි.

බිනර පැලැටිය දැන් වදවිමේ තර්ජනයට පත්ව ඇති පැලැටි‍යකී.


බිනර මල් මෝස්තරය

2012 ලෝක තැපැල් දිනය නිමිත්තෙන් 2012 ඔක්තෝබර් මස 07 වෙනි ඉරිදා බිනර මල සහිත රු.5.00 ක වටිනාකමකින් යුත් මුද්දරයක් නිකුත් කර ඇත.




-ඉන්දක කරුණාදාස
E-mail: iksmail35@gmail.com

updated 2012.12.20


Sunday, 24 June 2012

Dewatha Eli - Mutiyangana Temple

මුතියංගන විහාරස්ථානයට දෙවියන් වඩිති

ඉහත ඡායාරූපය ගන්නා ලද්දේ 2011.05.17 වෙනි වෙසක් පොහෝය දිනයේදීයග මෙම ඡායාරූපයේ පෙනෙන ද්ප්තිමත් ගෝලාකාර දෝලනය වන විනිවිධ නපනෙන වස්තුන් එදින මුත්යංගන රාජ මහා විහාරස්ථානයේ පැවැති පෙරහරට පැමිණි දෙවියන් ද ?
2011.09.04 ඉරිදා ලංකාදීප පුවත් පත

දේවතා එලි පිළිබදව වැඩි තොරතුරු සහ ඡායාරූප දැක බලා ගැනීමට පිවිසෙන්න .....
www.dewathaeli2.blogspot.com

Friday, 22 June 2012

DEMATAMAL VIHARAYA

ඔක්කමිපිටියේ දුර්ලභ ගණයේ ද්ත්ව රූප මුරගල

ඔක්කම්පිටිය, මාලිගාවිල පිළිමය, මාලිගාවිල බෝසත් පිළිමය, නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි.

එසේම ඔක්කම්පිටියේ පිහිටි දෙමටමල් විහාරය කාවන්තිස්ස රාජ්‍යයය දක්වාම පැරණි විහාරස්ථානයකී. දෙමටමල් විහාරස්ථානය දුටුගැමුණු කුමාරයාට බියෙන් පැන ගිය සද්ධාතිස්ස කුමරු සැගව සිටි ස්ථානය යැයිද ඉතිහාය ගතයි.

දෙමටමල් විහාරස්ථානය එකල පංච වාසස්ථානයක්ව පැවැති බවට දැනට ඇති නටඹුන් සාක්ෂි දරයි.

දෙමටමල් විහාරස්ථානයේ එක්තරා නටඹුන්ව ගිය ගොඩනැගිල්ලකට ඇතුළු වන ද්වාරය ආසන්නයේ ඇති මුරගල විශේෂත්වයක් දරන්නකී. එයට හේතුව වන්නේ මුරගලෙහි නෙලා ඇති නාගරුව හා තවත් රූපයක් වශයෙන් රූප දෙකක් එකම මුර ගලෙහි කොටා තිබිමයි.

මෙම ද්ත්ව රූප මුරගල නෙලා ඇත්තේ මෙම ප්‍රදේශයේ ඇති හුණු ගල් විශේෂයකිනි. එසේම මෙම මුරගල නෙලා ඇත්තේ කාවන්තිස්ස රජුගේ අනින් බව පොත පතෙහි සදහන්ය.

මෙම ද්ත්ව රූප මුරගල නා රජෙකුගේ හා ස්ත්‍රියකගේ රූප වලින් සමන්විතයි. පෙණ 7 කින් යුතු උඩුකය නිරුවත් නා රජුගේ වම් අත ඉනෙහි තබාගෙන සිටින අතර දකුණු අත ස්ත්‍රියගේ ගෙල වටා යවා ඇත. එසේම ස්ත්‍රිය නා රජුට වඩා කොට නිසා නා රජු මදක් ස්ත්‍රිය දෙසට නැමි සිටියි. ස්ත්‍රි‍යගේ දකුණු අත නා රජුගේ ඉන වටා අල්ලාගෙන සිටින විලාශයක් පෙන්නුම් කරයි. එසේම ස්ත්‍රියගේ වම් අත තම ඉනෙහි තබාගෙන සිටින්නීය නා රජුගේ කණෙහි ඇති ආභරණ දක්නට ලැබෙන අතර, ස්ත්‍රයගේ හා නා රජුගේ රූප වල සියුම් ලකුණු කාලයාගේ ඈවෑමෙන් මැකීගොස් ඇත.

මෙවැනි ද්ත්ව රූප සහිත මුරගලක් වෙනත් ස්ථානයක දක්නට නොමැති අතර මෙය උසස් දුර්ලභ ගණයේ කලා කෘතියකි.

විශේෂ ස්තුතිය‍ නිශ්ශංක සංඝදාස මැතිතුමා

ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ 
ඇති ද්ත්ව රූප මුරගල


 
ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ
 ඇති ද්ත්ව රූප මුරගල කොරවක් ගල සහිතව


  

ඔක්කම්පිටියේ, 
දෙමටමල් විහාරස්ථානයේ
 ඇති ද්ත්ව රූප මුරගල



ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ
 ඇති ද්ත්ව රූප මුරගල